(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙක් නිවෙස් තුළ මිය ගොස් සිටියදී අද (28) හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි
මෙලෙස මියගොස් තිබුණේ සරත් දන්තනාරායන 60 එක් දරු පියෙකි .
මියගිය අයගේ බිරිඳ පාණදුර ප්‍රදේශයේ පදිංචිව සිටින නමුත් ඇය සමඟ නොසිට මෙම පුද්ගලයා මෙම නිවසේ තනිව ජීවත් ව ඇතැයි පොලිසිය කියයි
ජංගම දුරකථනයට මියගිය පුද්ගලයා ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔවු රැකියාව කරන පෞද්ගලික ආයතනයේ සේවකයෙකු පැමිණ දොරට තට්ටු කර කතා කර ඇති නමුත් ඊට ද ප්‍රතිචාර නොදැක්වූ බැවින් කවුලුව කින් නිවස තුළ බැලීමේදී එම පුද්ගලයා මුනින් අතට වැටී සිටිනු දැක ඒ බව පොලිසිය වෙත දැන්වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය
මෙම පුද්ගලයාට රෝග කීපයක්ම වැළඳී තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි
සිද්ධිය වූ නිවස වෙත මහේස්ත්‍රාත්වරයා කැඳවා පශ්චාත් පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වූ අතර ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් ද කැඳවා පරීක්ෂණ සිදු කල බව පොලිසිය කියයි
පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පිළියන්දල නිවසක මළ සිරුරක්