IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පොළොන්නරුවේ යල කන්නට ජලය නිකුත් කිරීම අප්‍රේල් 10

(ක.ගකරුණාරත්න )
 
පොලොන්නරුව පරාක‍්‍රමසමුද්‍රය යටතේ ඉදිරි යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම අප්‍රේල් මස 10 දින සිට ආරම්භ කිරීමට අද(30) පැවැති කන්න රැස්වීමේදී තීරණය විය.
 
පොලොන්නරුව අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වනසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මේ රැස්වීම පැවැත්විණි.
 
කෘෂිකර්ම,වාරිමාර්ග,ගොවිජන සේවා,ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
 
 තද වියළි කාලගුණයක් පැවැතියද අක්කර අඩි 1,10000 ක් ඉක්මවන ඉතාමත් සතුටුදායක ජල මට්ටමක් මේ වනවිට පරාක‍්‍රම සමුද්‍රයේ පවතින බව වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා මෙහිදී ප‍්‍රකාශ  කළේය.
 
එම ජලය ප‍්‍රයෝජනයට ගෙන එලවලූ සහ අතිරේක භෝග වර්ග හැකි පමණ වගා කිරීමටද ගොවිජනතාව උනන්දු කරන ලෙස අදාල නිලධාරීන්ගෙන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා එහිදී ඉල්ලා සිටියේය.
 
පරාක‍්‍රමසමුද්‍රයේ ජලයෙන් පෝෂණය වන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 25,000ක් පමණවේ.



අදහස් (0)

පොළොන්නරුවේ යල කන්නට ජලය නිකුත් කිරීම අප්‍රේල් 10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31755 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14212 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site