IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොළොන්නරුවේ කාන්තාවෝ වීදි බසිති

(ඩබ්. ඒ. පියතිලක)
 
පොළොන්නරුව මාඔය ගම්මානයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට විරෝධය දක්වමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට පවසමින් අද(08) කාන්තාවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.
 
තම ස්වාමියන් සහ දරුවන් බේරා ගැනීමට නම් වහාම මත්ද්‍රව්‍ය අලෙකරුවන් අත්අඩංගුවට ගත යුතු බව කී ඔවුහු ගන්නා පා ගමනින් ගොස් පොළොන්නරුව-මින්නේරිය ප්‍රධාන මාර්ගයට පැමි‍ණ විරෝධය පළකළහ.
  
බැදිවැව මාඔය ගම්මානයේ  පදිංචි  අනෝමා කුමාරි සෙනේවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
 
“මාඔය ගමේ  ළමයි ඉස්කෝලේ යන්නෙ නැතුව කසිප්පු පෙරනවා, කුඩු, ගංජා, මත්පෙති විකුණනවා. මේ ගැන පොලිසියට කිව්වාට වැඩක් නැහැ. ඒ කියන අයගේ නම් එක්ක සියලු විස්තර අර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිසිය කියනවා. ඊට පස්සේ උන් ඒ මිනිසුන්ව මරන්න එනවා. මේ ගමේ සියලුම කාන්තාවෝ  ගඩොල් කපලා  තමයි කියක් හරි හොයා ගන්නේ. පොලිසිය ඒ ජාවාරම්කරුවන්ට උදව් කරනවා. මේ උවදුරින් ගම බේරාදෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයිද පැවසූවාය.
 
පොලොන්නරුවේ මත් උවදුර වැඩිපුරම ඇති ප්‍රදේශයක් ලෙස බැදිවැවට හිමි වන්නේ පළමු ස්ථානයයි.
 
මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් ද පැමිණ ආරක්ෂාව තර කර තිබිණි.
 
පැය දෙකක් පමණ විරෝධය පැවැත්වූ ඔවුහු පසුව විසිර ගියහ.



අදහස් (0)

පොළොන්නරුවේ කාන්තාවෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site