IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පහරදී පුද්ගලයකු ඝාතනය කළැයි දෙදෙනෙකු රිමාන්ඩ්

(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව උඩප්පුව ප්‍රදේශයේදි දරුණුලෙස පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනෙකු  17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පුත්තලම මහේස්ත්‍රාත් හා දිසා  විනිසුරු එෆ්. එස්. මහ්සි මහත්මිය නියෝග කළාය.

මෙසේ ගතකරනු ලැබුවේ උඩප්පුව ආඩිමුනේ ප්‍රදේශයේ පදිංචි කාන්තමුත්තු සුගන්දර් 32 සහ එම ලිපිනයේහිම පදිංචි සොගමාලෙයි ආරුල් මුරුගන් නැමති පුද්ගලයින් දෙදෙනෙකි. මෙම පහරදීමෙන් මරණයට පත්වූයේ උඩප්පුව ආඩිමුනේ පදිංචි කනගලිංගම් රමේෂ් නැමති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඉකුත් 05 දින මෙමසැකකරුවන් දෙදෙනා හා මරණකරු අතර සිදුවු ආරවුලකදී අධික ලෙස පහරදෙනබව ඔහුගේ බාල සොහොයුරා විසින් දැක ඇතිබව පොලීසිය පවසයි.

මෙසේ පහර කෑමෙන් බරපතල තුවාලැබූ තුවාලකරු උඩප්පුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත. මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් එදිනඅධිකරණය වෙත ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත් වරිය විඩිදුරටත් පොලීසියට නියෝග කළාය.



අදහස් (0)

පහරදී පුද්ගලයකු ඝාතනය කළැයි දෙදෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site