( කාංචන කුමාර ආරියදාස)
ජාතික සමගි ජනබල බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ ගොවි උද්ඝෝෂණයක් අද(23 ) පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි .
මෙහිදී නගරයට ඒකරාශි වූ දේශපාලන අධිකාරියේ පිරිස සහ ගොවීන් බැනර් පෝස්ටර් මිනීපෙට්ටි ප්‍රදර්ශනය කරමින් රසායනික පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වෙමින් ආර්ථික මධ්‍යස්ථානය කරා කෑගසමින් පැමිණෙන්නට වූහ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලන චරිත් වල වෙස් මුහුණු දමාගත් පිරිස් මිනීපෙට්ටි කරතියාගෙන තවත් පිරිසක් දේශපාලන චරිත වල මුහුණු සහිත පඹයන් තියාගෙන එම පඹයන්ට පහරදෙමින් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා කෑ ගසන්නට වූහ
මහනුවර-යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් සම්පුර්ණයෙන්ම වසාගෙන ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව වීම නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු අලෙවි කර ගැනීම සඳහා පැමිණි ගොවීන්ට ද බාධා එල්ල වීය.
කෙසේ වෙතත් එම ගොවීන් කියා සිටියේ තමන් රැගෙන ආ එළවළු අලෙවි කර ගැනීම අවැසි නිසා පෝලිමේ සිටින බවත් මෙම විරෝධතාවයට තමන්ගේ ද සහයෝගය ලබාද දෙන බව ය.
විරෝධතාවය අතරතුර ජාතික සමගි ජනබලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු .ආර් .දයා නන්දසිරි මහතා ඇතුළු කණ්ඩායම සූදානම් කර තිබුණු විකට ජවනිකාවක් බොහෝදෙනාගේ අවධානයට ලක් කෙරිණි.
එහිදී සුපෝකබෝගී වාහනයකින් මුදල් ඇමතිවරයා ලෙස සැරසුණු මුහුණ යොදා ගත් පුද්ගලයෙකු පැමිණ එක වැරම විරෝධතාකරුවන් ඉදිරියට බැස ගන්නට විය .එම අවස්ථාවේදී එහි සිටි පිරිස් එම පුද්ගලයාට දැඩි ලෙස පහරදී පන්නා දමන ජවනිකාව බොහෝදෙනාගේ විනෝදාංශයක් බවට පත් ව තිබිණි.
තවත් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය වරයාගේ මෙන්ම පාරිභෝගික අමාත්‍යවරයාග ගේ රුව සහිත පඹයන්ට දැඩි ලෙස පහරදී ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ දමා ගිනි තැබීමට ද උද්ඝෝෂකයෝ ක්‍රියා කළහ.
මෙම විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය ජාතික සමගි ජනබලබලවේගයේ දඹුල්ල ආසන සංවිධායක දයා නන්දසිරි මහතා විසින් සංවිධානය කොට තිබුණු අතර එම අවස්ථාවට හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ හිටපු රාජ්‍ය ය අමාත්‍යවරයෙකු වන රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොහොර ඉල්ලා දඹුලු ගොවියොත් පාරට බසිති