(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල කිවුලේගම ගම්මානයේ මවකට හා දියණියකට එල්ලවූ පිහි ඇනුමකින් මව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
කිවුලේගම ගම්මානයේ නිවසකදී මවට හා දියණියට එල්ලවූ පිහි පහරින් මව මියගොස් දියණිය බරපතල තුවාල ලබා සිටියදී ලුණගල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ.
සෝමාවති 67 යන කාන්තාව මිය ගොස් ඇති අතර ඇගේ දියණිය වන අනුලා 47 යන අය තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක සේවය කරන මාතලේ පදිංචි බව කියන කම්කරුවකු විසින් කාන්තාවන් දෙදෙනාට පිහියෙන් ඇන තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ලුණූගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd