
(එස්. ඩි.කොඩිකාර සහ අජිත් ලංකාතිලක)
කොටපොළ ඌරුබොක්ක මාර්ගයේ පස්ගොඩ මංසන්ධිය ආසන්නයේ දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇතිවූ පිහි ඇනුමකින් තරුණයකු මියගිය බව රොටුඹ පොලීසිය පවසයි.
මෙසේ පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ (21) හැවිරිදි අවිවාහක වදුරාදෙණිය, පස්ගොඩ ප්‍රදේශයේ පදිංචි රවිඳු ලක්ෂාන් බණ්ඩාර නැමැති තරුණයෙකි.
පිහි ඇනුම සිදුකළ පුද්ගලයා රොටුඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පිහි ඇනුමෙන් පසුව මරණකරු මද දුරක් දිව ගොස් වැටී ඇති අතර පසුව ඔහු ඌරුබොක්ක ,හීගොඩ රජයේ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (2) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd