(ප්‍රියානි මංගලිකා )
පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ,නිකවැරටිය නගරයේ කලහකාරී ලෙස හැසිරෙමින් නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පහර දුන් බවට වරෙන්තු හතක් ලැබ සිටි සැකකරුවෙකු මාස 11 කට පමණ පසුව අද (26 ) දින අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පහර දුන් බව කියන සෙසු සැකකරුවන් සියලු.දෙනා අධිකරණයට ඉදිරිපත් වුවත් ,මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී, ප්‍රදේශයෙන් පලාගොස් සිටීම හේතුවෙන් නිකවැරටිය අධිකරණය මගින් සැකකරුට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණි .
නිකවැරටිය ප්‍රදේශයේම පදිංචි සැකකරු මාස 11 ක් පමණ මෙලෙස පොලීසිය මග හරිමින් ප්‍රදේශයෙන්.පලා ගොස් සිට ඇති අතර රට තුල පවතින තත්වය හේතුවෙන් තම නිවසට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කලේය.
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගැණීම සිදු කෙරිණි .
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්කු ප්‍රහාරය දා නිකවැරටියේ කලබල ඇති කළ අයෙක් අත්අඩංගුවට