(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ලේ පදිංචි නාවික සෙබළුන් දෙදෙනෙකු කොරෝන ආසාදිතයන් දැයි සොයා ගැනීමට ඊයේ (26) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් අද (27 ) නිකුත්වූ වාර්තා වලට අනුව ඔවුන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය නොමැති බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.
මෙම නාවික සෙබළුන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන දෙදෙනෙකි.
මොවුන් හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් වන අතර මෙම නාවික සෙබළුන් සිය කැමැත්තෙන්ම පීසීආර් පරික්ෂණය සඳහා ඉදිරිපත්වී තිබේ.
මෙම සෙබළුන් පිරිසත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිවාඩු ලබාගෙන සිය නිවෙස් වලට පැමිණ ස්වයං නිරෝධානයට ලක්ව සිටින ගාලු දිස්ත්‍රික්කය තුල පදිංචි සෙබළුන් පිරිසෙන් මේ වනවිට 18 දෙදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පීසීආර් පරික්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරුවී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.