IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පීසීආර් කරන්නැයි ජනතාව රවටා මුදල් ගැරීමේ ජාවාරමක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කොරෝනා වෛරසය ආසාධිතදැයි අනාවරණය කර ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම සදහා කිසියම් වංචාකාරි පිරිසක් මුදල් ලබා ගැනීමට ගන්නා උත්සාහයට අසුනොවන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බව මීරිගම පොලිසිය සදහන් කරයි.
 

  කිසියම් පුද්ගලයෙක් හෝ  සංවිධානාත්මක  කණ්ඩායමක් මීරිගම නගරයේ හා අවට ආයතන වලට දුරකථන ඇමතුම් දෙම්න් පී.සී.ආර්. පරීක්ෂණ කිරිමට   මුදලක් අවශ්‍ය බවට කල දැනුම්දීමක් සම්බන්ධයෙන්  ජනතාව හා මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා  කළ දැනුම්දීමක් මත පොලිසිය පරීකෂනයක් ආරම්භ කර ඇත.
 
 එමෙන්ම මීරිගම ප්‍රෙද්ශයේ කිසිම පුද්ගලික ආයතනයකින් පී.සී.ආර්පරීක්ෂණ සිදු නොකරන බව ද පොලිසිය ජනතාවට දැනුම් දී ඇති අතර මේ වංචනික ක්‍රියාවේ පුද්ගලයන් නීතිය රැහනට අල්ලා ගැනීමට   සහය ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ'
 
මෙම පරීක්ෂණ පැවැත්වීම සදහා බව පවසමින්  මුදල් ඉල්ලා  දුරකථන ඇමතුමක් ලැබුනොත් මීරිගම පොලිසිය 033-227322 හෝ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 033-2273278 වෙත දන්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.



අදහස් (0)

පීසීආර් කරන්නැයි ජනතාව රවටා මුදල් ගැරීමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site