(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දී අද (17) පස් බැම්මකට යටවී ජීවිතයත් මරණයත් අතර සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ දිවි තලංගම පොලිසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ මැදිහත්ව බේරා ගැනීමට සමත්ව තිබේ.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ හීනටිකුඹුර ප්‍රදේශයේ පදිංචි උදේශ් ගැමුණු කුමාර හා කොළඹ 15 පදිංචි හැරල්ඩ් ජුඩ් සෙබස්තියන් යන දෙදෙනාගේය.
නිවසක පිටුපසට වන්නට පිහිටා තිබෙන විශාල පස් බැම්ම නාය යාම වැළැක්වීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරිමට කානුවක් කපමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd