(චමිල් රූපසිංහ)
මහනුවර දෙයියන්නේවෙල නාගස්තැන්න ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කිරීම සඳහා කාණුවක් කපමින් සිටි දෙදෙනෙකු මතට අද ( 26) පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර මියගොස් ඇත්තේ අනුරාධපුරයේ පදිංචි ඩී.එස් පද්මසිරි (65) නැමැති අයෙකි.
මියගිය පුද්ගලයා හා අනෙක් පුද්ගලයා දෙයියන්නේවෙල ප්‍රදේශයේ නැවතී මෙම බැම්ම ඉදි කිරීමේ කටයුතු වල නිරතව සිටි ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පස් කන්ද කඩා වැටීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව එක් පුද්ගලයෙකු සුළු වේලවක් තුළ ගොඩට ගෙන රෝහල් ගතකර ඇත.පස් වලට සම්පූර්ණයෙන්ම යටවී සිටි අනෙක් පුද්ගලයා ගොඩගෙන රෝහලට රැගෙන යන විට මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට