(එස්. ඩි.කොඩිකාර )
දෙනියාය ,යාපිටකන්ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ රාජකාරියට බීමතින් පැමිණ බාධා කළ පුද්ගලයන් තිදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා යාපිටකන්ද ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22- 30 අතර වයස්කාණ්ඩවල පුද්ගලයන් බව පොලිසිය කියයි .
අදාල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන( 28) හැවිරිදි අවිවාහක නිලධාරීණියක් බව පොලිසිය කියයි .
ඇය අදාළ සෞඛ්‍ය මධ්‍යස්ථානයට සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බීමත්වව රැඳී සිටි බව කියන පුද්ගලයන් තිදෙනා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළුවන ගේට්ටු කණුවකට මුත්‍රා කර අශෝභන ලෙස හැසිරුණු බව පොලිසිය කියයි .
පසුව අදාළ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරීවරිය තමාට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශාන් විදානපතිරණ මහතා ට කළ දැනුම් දීමක් මත ඒ මහතා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.