(නිශාන්ත කුමාර)
වයස අවුරුදු 14 ක දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාව යටතේ අද (10) සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියදී පොලිස් නිලධාරියා තල්ලුකර පලාගිය පාසල් සිසුවෙකු යළි අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය කරමැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකි.
මෙම සිසුවා එම ප්‍රදේශයේම පදිංචි 14 හැවිරිදි දැරියට ලිංගික අතවරයක් කිරීමට තැත්කිරීමේදී ඇය ඔහුගෙන් බේරී පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර සිසුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරමින් සිටියදී ඔහු එහි සිටි පොලිස් නිලධාරියාව තල්ලු කර පොලිසියෙන් පැන පලා ගොස් ඇති අතර ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ඔහු යළි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කන්දකැටිය පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd