(ඩී.ජී.සුගතපාල)
නිතීවිරෝධි මත්පැන් අලෙවි කරන ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිලධාරින්ට සාපරාධි බලහත්කාරයපා රාජකාරියට බාධා කරන ලද එම පුද්ගලයාගේ පුතෙකු වන ගුවන් හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත්බව බද්දේගම පොලිසිය පවසයි.
උනන්විටිය පලාගස්කැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු කසිප්පු විකුණන බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රි එම පුද්ගලයාගේ නිවස වටලා ඇත.
අවස්ථාවේ කසිප්පු අලෙවි කරන ලද නිවෙස් හිමියාගේ පුතෙකු වන ගුවන් හමුදා සෙබලා පොලිස් නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පා රාජකාරියට බාධා කර ඇති අතර එම අවස්ථාවේ ගුවන් හමුදා සෙබලාගේ පියාද නිවසින් පලාගොස් තිබේ.
පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම,පොලිස් නිලධාරින්ට අඩම්තේට්ටම් කිරිම ,සාපරාධිබලහත්කාරය පෑම යන චෝදනා යටතේ ගුවන් හමුදා සෙබලා අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොම්පඤ්ඤවිදිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරනු ලබන අතර නිවාඩුවට ගමේ පැමිණ සිටි අයෙකු බවද පොලිසිය පවසයි.
සැකකරු අද(26) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙතඉදිරිපත් කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් රජකාරීයට බාධා කළ ගුවන් සෙබළා අත්අඩංගුවට