(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර, තිනියාවල පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම් දෙකක තොරතුරු අනාවරණ වූ බව තිනියාවල පොලිසිය කියයි .
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් වායු රයිපලයක් හා රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
ඉකුත් මස 12 වෙනි දින තීනියාවල ගල් දෙනි ඇල්ල ප්‍රදේශයේ නිවසකින් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලක් සොරා ගැනීම සම්බන්ධ මෙම සැකකරු පිළිබඳ තීනියාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැදිසිංහ මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී හක්කපටස් එකකින් පහර දී පළා යාමට තැත් කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ගල්දෙනි ඇල්ල ප්‍රදේශයේ ,වාඩියක තිබූ වායු රයිෆලයක් ඉකුත් මැයි මස සොරා ගෙන තිබුණේ මෙම සැකකරු බව ද වැඩිදුරටත් අනාවරණය වීමෙන් අනතුරුව එම වායු රයිෆලය ද සොයාගත් බව ස්ථානාධිපති ප්‍රසන්න වෙදසිංහ මහතා පැවසීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් නිලධාරීන්ට හක්කපටස් එකකින් පහරදී පලා යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට