(අතුල බණ්ඩාර)
අනුරාධපුර , පරසන්ගස්වැව,දිවුල්වැව,සියඹලැව ප්‍රදේශයේදී අද (28) අලුයම හරක් හොරුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට හා ඔත්තුකරුවෙකුට පිහි වලින් ඇන තුවාල සිදුකර පලායාමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා හා ඔත්තුකරු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාද රෝහල්ගත වීමට අවශ්‍ය බව පැවසීමෙන් ඔවුන් දෙදෙනාද රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
පරසන්ගස්වැව ප්‍රදේශයේ බහුල වශයෙන් රාත්‍රී කාලයේදී මස් පිණිස මැරීමට හා විකිණීමට හරකුන් සොරකම්කිරීම සිදුවෙන බවට නිතර පැමිණිලි ලැබෙන නිසා ඒ ගැන සොයාබලා සොරුන් අත්අඩංගුවට ගන්නැයි උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලබා දි තිබු උපදෙස් අනුව මෙම වැටලීම සිදු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අල්ලපු පොලිස් නිලධාරීන්ට තවත් හරකෙක් අනින්න වගේ හදන්නේ... නැත්නම් කොහොමද මෙහෙම වෙන්නේ?
මාංචු දාපු අය මරණවා වගේ ලේසි නැහැ... හරක් හොරු අල්ලන එක, ඒකයි මේ කතාවෙන් අපට කියන්නේ...
මස් පිණිස හා විකුණනන් අරන්යන ගවයින්