IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෑලියගොඩ වෙළඳපොළට එළවළු ගෙනෙන ලොරි රථ හිමිවරු සේවයෙන් ඉවත්වෙති


(කේ.ආර්. රාජමන්ත‍්‍රී)

 
පෑලියගොඩ මැනිං වෙළඳපොළට එළවළු ප‍්‍රවාහනය කරන ලොරි රථ හිමියන් එම කටයුතුවලින් අද(14) ඉවත් වීමට තීරණය කළ බව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා කීය.
 
පෑලියගොඩ ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව මැනිං එළවළු වෙළඳපොළ පස්වරු 4.00 සිට මධ්‍යම රාත‍්‍රි 12.00 දක්වා විවෘතව තැබීමට ගත් තීරණය ප‍්‍රායෝගික නොවන බව පවසමින් ඊට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.ඊයේ (13) සවස කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැප්පෙටිපොල ප‍්‍රදේශයේදී රැස්වු මෙම එළවළු වෙළෙදුන් හා ලොරි රථ හිමියන් මේ බව සාකච්ඡා කර ඇත.
 
කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා මෙසේ පැවසීය.
 
̕මේ මැනිං වෙළදපොළ විවෘත කිරීමේ නව වේලාව නිසා අපි ගොඩක් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. මේ වෘත්තියේ අපි දැනට වසර 40 කට අදික කාලයක සිට නිරත වෙනවා. මේ නව වේලාවට අපිට කිසිසේත් එළවළු ප‍්‍රවාහනය කරන්න බැහැ. මේ වැලිමඩ, ඌව පරණගම, නුවරඑළිය ප‍්‍රදේශවල සිට ලොරි රථයක් පෑලියගොඩට යන්න පැය 7ක විතර කාලයක් ගත වෙනවා. අපිට ගොවින්ගෙන් එළවළු අස්වනු ලැබෙනකොටම පස්වරු 4.00වත් වෙනවා. අපි ඒවා ඇසුරුම් කරලා ලොරිය මෙහෙන් පිටත් වෙනකොටම පස්වරු 7.00 වත් වෙනවා. අපි කොහොමද රාත‍්‍රි 12 වෙන්න කලින් පෑලියගොඩට යන්නේ? දැන් යනකොටත් අවම වශයෙන් පාන්දර 2.00 හෝ 4.00වත් අඩුම ගානේ වෙනවා. ඒ නිසා ඔය කියන නව වේලාවට නම් අපිට එළවළු ප‍්‍රවාහනය කරන්න බැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මේ නව වේලාව වෙනස් කරලා පෙර පැවති ආකාරයටම අපේ ලොරි ඇතුලත් කරන්න අවස්ථාව ලබා දෙන තෙක් එළවළු ප‍්‍රවාහන කටයුතුවලින් ඉවත්වෙනවා˜ කියලා යි ඒ මහතා කීය.

 



අදහස් (0)

පෑලියගොඩ වෙළඳපොළට එළවළු ගෙනෙන ලොරි රථ හිමිවරු සේවයෙන් ඉවත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site