(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නිවසකට අනතුරුදායක ලෙසින් පිහිටා තිබූ පොල් ගසක් කම්බියකින් බැඳ , ඇද දැමීමට ගසට නැගි අවස්ථාවේදී , එම ගස මුලින් ඉදිරී , යාබද නිවසක් මතට වැටීමෙන් , අඩි තිහක් පමණ උසින් බිමට වැටුණු පුද්ගලයකු අද (21) , ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ , හෝමාගම, ශ්‍රී මහින්ද මාවතේ , අංක 730 / බී , හි පදිංචි , පෙරුම්බුලි අච්චිගේ සිරිදාස (69) හැවිරිදි අවිවාහකයකු බව පොලීසිය කියයි.
හෝමාගම රෝහල ආසන්නයේ පිහිටි ඉඩමක , යාබද නිවසකට අනතුරුදායක ලෙසින් පිහිටා තිබූ , පොල් ගසක් කම්බියකින් බැද , ඇද , ගැට ගැසීම සඳහා , තවත් පුද්ගලයෙකු සමඟ ගොස් , ගසට නැග , කම්බිය ගැට ගැසීමට , සූදානම් වන අවස්ථාවේදී , නැග සිටි පොල් ගස , මුලින් ඉදිරී , යාබද නිවසේ වහලය මතට වැටී අනතුරක් සිදුව ඇති බව පැවසේ .
අනතුර වූ පොල් ගසෙහි , මුල දිරාපත්ව අනතුරුදායක ලෙසින් පිහිටා තිබී ඇති අතර , ඒ බව නොදත් මෙම පුද්ගලයා ගසට නැග ඇති බවත් ගස වැටීමෙන් එම නිවසේ වහලයේ කොටසකට හානි සිදුව ඇති බවත් , පැවසේ . ගස බිමට වැටෙනවාත් සමගම , ගසෙහි වූ දෙදරීම හේතුවෙන් , ගසට නැගි පුද්ගලයා ඉන් විසිවී, අඩි තිහක් පමණ උසක සිට , විසි වී , මීටර් දහයක් පමණ දුරින් , බිමට වැටී , සිරුරේ අභ්‍යන්තරයට හානි සිදුව තිබූ බව පොලීසිය කියයි .
ඒ සමගම අනතුරට පත් පුද්ගලයා අසල්වාසීන්ගේ ද සහය ඇතිව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , එහිදී මූලික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කොට පවසා ඇත්තේ , ඔහු මිය ගොස් ඇති බවයි .
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල්ගසකින් වැටී පුද්ගලයෙක් මරුට