(කුෂාන් ජයවරධන)
පලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙන් හමුවූ කොරෝනා ආසාදිත නාවික සෙබලා ගේ බිරිය ඇතුලු පවුලේ 06 දෙනෙකු අද (27) දිනයේ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය හා නාවික හමුදාව කටයුතු කළේය
.
පසුගිය 21 වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති නාවික සෙබලා පලාගල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇත. ඔහුට කොරෝනා අසාදිත බව ඊයේ තහවුර වී තිබිණ. ඒ අනුරාධපුර මහරෝහලේදී ඔහු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ කටයුතුවලදී බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
ඒ අනුව එම නාවික සෙබලාගේ බිරිය හා මව පියා මෙන්ම දරැ තිදෙනාද අද දිනයේ නිරේධයන කටයුතු සදහා මිහින්තල යේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පියවර ගෙන තිබිණ.
ඒ අනුව අදාළ පවුලේ පිරිස විශේෂ රථයකින් මිහින්තලය වෙත රැගෙන යාමට නාවික හමුදාව මගින් පියවර ගනු ලැබීය.
මෙලෙස නිරෝධායනයට යොමු කළ පිරිස අතර වයස අවුරුදු 10ක නිවුන් දැරියන් දෙදෙනෙකුද වයස අවුරුදු 02 ක පිරිමි දරුවකුද දරුවකු ද වේ.
මේ අතර මෙම ආසාදිත නාවික සෙබලා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බව කියන පලාගල බලලුවැව ආඩියාගල පුබ්බෝගම ඇතුලු ස්ථාන 22 ක පුද්ගලයින් 86 දෙනෙක් මේවනවිට ස්වයං නිරොධායනයට යොමු කිරීමටද පලාගල සෞඛ්‍යා සේවා බලධාරීන් පියවර ගෙන තිබේ.
බලලුවැව ව්‍යාපාරික ස්ථාන 04 ආඩියාගල ව්‍යාපාරික ස්ථාන 02 පුබ්බෝගම නගරයේ ව්‍යාපාරික ස්ථාන 03ක් ද දඹුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 04ක් ද ගල්කිරියාගම උදුරව ප්‍රදේශයේ පැල තවානක් අතුල ස්ථාන කිඑහිපයකට ද මෙම ආසාධීත සෙබලා සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇතිබව සෞඛ්‍ය බලධාරීහු පවසති.



2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලාගල ආසාදිත නාවික සෙබළාගේ පවුලේ අයත් නිරෝධායන කඳවුරකට