( තිස්ස කොටින්කඩුව)
අසල්වැසියකු සමග ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් හිසට එල්ල කළ පොලු පහරින් බරපතල තුවාල ලද පුද්ගලයෙක් ප්‍රථිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වත්තල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල මාබෝල රාජසිංහ මාවතේ ආරචිචි වත්තේ පදිංචි 59 හැවිරිදි අබ්දුල් රහමන් නැමැති තිදරු පියෙකු බව පොලිසිය පවසයි.
සිද්ධියේ සැකකරුගේ දියණිය තම ගෙවත්තේ මල්පැල වලට වතුර බටයක ආධාරයෙන් වතුර දමමින් සිටියේදි යාබද නිවෙසේ ගෙවත්තේ සිටි මරණකරුගේ ඇගට වතුර වැට්මෙන් ඇතිවු බහින් බස් විම දුරදිග යාම හේතුවෙන් ඇතිවු ගැටුමේදි මෙම මරණය සිදුවි ඇති බවට සිද්ධිය සමිබන්ධයයෙන් සිදු කරණ ලද වැඩිදුර විමර්ශන කටයුතු වලදි අනාවරණය වු බව වත්තල පොලිසිය පවසයි .
සිද්ධියට සම්බන්ධ බවට සැක 44 හැවිරිදි අසල්වැසි නිවසේ පුද්ගලයෙකුට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd