IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘පාරිසරික ලෙස වටිනාකමක් ඇති ස්ථාන විනාශ කිරීම වැඩිවෙලා‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආනවිළුන්දාව ඇතුළු පාරිසරික ලෙස වටිනාකමක් ඇති ස්ථාන විනාශ කරමින් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් බරපතල පාරිසරික හානියක් සිදුව ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්ම දස්සි නාහිමියෝ පැවසූහ.

අනුනායක නාහිමින් මේ බව පවසා සිටියේ උන්වහන්සේගේ ඡන්ම දිනයට සමගාමීව කොට්ටුකච්චිය කච්චිමඩුව ශ්‍රී ගුණානන්ද විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය.

උන්වහන්සේගේ ඡන්ම දිනයට සමගාමීව දරුවන්ට පොත් පත් සහ ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර මළු ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්ම දස්සි නාහිමියෝ මෙසේද පැවසූහ.

      ‘‘පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දිනවල පරිසර හානිය වැඩි වෙලා තිබෙන බව අපි මාධ්‍ය තුළින් දකිනවා.

ආනවිළුන්දාව විවිධ ව්‍යාපෘති වෙනුවෙන් විනාශ කිරීම බරපතල තත්ත්වයක්.මේ පරිසර විනාශය තුළින් අපි කරගන්නේ අපිට හුස්ම ගන්න තිබෙන පරිසරය විනාශ කර ගැනීම.

සොබා දහම විනාශ කළා.  කොල පාටට  ඇසට ප්‍රිය කරන පාට. ඒ දෙවල් වෘක්ෂලතා කොයි තරම් මිනිසාට ශාන්තියක් ඇති කරනවාද. මේ සියල්ලම  විනාශ කරගෙන ගියා .මේ නිසා අපිට හුස්ම ගන්න තිබෙන ඔක්සිජන් වායුව අඩු කරගෙන අඩුකරගෙන ගියා.

මේ නිසා සොබා දහම ආරක්ෂා කරගෙන සතුන්ද ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න තිබෙන පරිසරය ආරක්ෂා කර ගත යුතුයි.

සොබා දහම විනාශ වෙනවානම් එහි ප්‍රථිවිපාක ඔබට අපිට විදින්න වෙනවා.සොබා දහමත් ආරක්ෂා කරගෙන එහි ආරක්ෂාවත් හදාගෙන යන්න වර්තමාන රජයත් ජනාධිපතිතුමාවත් අපිට හැකි සෑම වේලාවකදීම  දැනුවත් කරන්න කටයුතු කරනවා.

අපි අපේ කමත් සංස්කෘතියත් ජාතිකත්වයත් බෞද්ධකමත් රැකගෙන ජිවත් වීම ඉතා වැදගත්.

සමහර පිරිස් අත්තෝමතික ලෙස වැඩ කරනවා .ධනය හම්බකරමින් සොබා දහම වනසනවා .මේ සියල්ල අපි බල බලා නිහඬව සිටිනවා .නිහඬ වීම තුළින් අපි අපටම වල කපා ගන්නවා.

සොබා දහම ආරක්ෂා කර ගනිමින් යන වැඩපිළිවලකට යායුතු බව මම අවධාරණය කරනවා.

මම තවත් දෙයක් අද මෙතැනදී කියන්න උවමනායි මගේ නම ආණමඩුව ධම්ම දස්සි ලෙස සඳහන් උනත් වෙනත් නම් ලෙස ඇත්තේ කොට්ටුකච්චියේ ධම්මදස්සී ලෙසයි.

ඒ මොකද මම ජන්ම ලාභය ලබා තිබෙන්නේ කොට්ටුකච්චියේ පැවිදි වෙනකම් මම ඉදලා තිබෙන්නේ කොට්ටුකච්චියේ. මේ උස්බිම ,කච්චිමඩුව , වඩත්ත , හල්මිල්ලෑව ආදි ප්‍රදේශ වල ඉන්නේ මගේ ඥාතින්.

ඒ නිසයි ජන්ම දිනයට සමගාමීව මම මේ වැඩසටහන් සංවිධානය කරන්න කියලා අපේ වඩත්තේ සෝමානන්ද හිමියන්ට දැනුම් දුන්නේ.ඒ මේ ප්‍රදේශ මට අලුත් ගම් නොවෙයි.

මේ සියල්ලම මගේ ඥාතීන්.අද මම මේ දරුවන්ට වැඩිහිටියන්ට ලබා දෙන පොත් පත් වියළි ආහාර දින ගණනාවක මදි වෙන්න පුළුවන් නමුත් එය මම හැකි ලෙස ලබා දුන් දේවල්.ඉදිරියෙදීත් මේ පිංවතුන්ට මම උදව් උපකාර කරන්න කටයුතු කරනවා‘‘ යැයි උන් වහන්සේ පැවසිය.

 

 

 



අදහස් (0)

‘‘පාරිසරික ලෙස වටිනාකමක් ඇති ස්ථාන විනාශ කිරීම වැඩිවෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site