
( රේඛා තරංගනී ෆොන්සේකා)
ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා සෞඛ්‍ය අංශය සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් එක්ව සංවිධානය කළ පරිසර පොළක් නුගේගොඩ කට්ටිය හන්දියේ දී (19) පැවැත්විණි
මෙහිදී ප්‍රතිචක්ක්‍රිකරණය කළ හැකි අපද්‍රව්‍ය වන ප්ලාස්ටික්,බෝතල්,පොල්කටු, කාඩ්බෝඩ් යන අපද්‍රව්‍ය මිලදී ගනු ලැබීය.
පොල් කටු කිලෝවක් රුපියල් 6 ක , ප්ලාස්ටික් කිලෝවක් රුපියල් 35යි යකඩ කිලෝව රුපියල් 40 කාඩ්බෝඩ් කිලෝව රුපියල්10 ට මිලදී ගනු ලැබීය.
ප්‍රතිචක්ක්‍රිකරණය කළ හැකි කුණු කඳු වලට නොයවා වඩා ඵලදායි තත්වයට පත් කිරීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වුහ.
බස්නාහිර පළාත තුළ කුණු කඳු විසිපහක් නිර්මාණය වී ඇති අතර ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කසළ සෘජුවම කුණු කඳු වෙත ගලා ඒම විශාල ගැටලුවක් බව නිලධාරිහු පවසති.
කෝට්ටේ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එච්. සදීකා මහත්මිය සහ පුරපති මධුර විතානගේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රගෝ යන අයගේ මෙහෙයවීමෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරු කරුණාරත්න මහත්වරු ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම යහපත් ක්‍රියාවක්. මෙය මාසෙකට වතාවක් කරන්න.