( තිලකරත්න දිසානායක.)
ඇදිරි නීතිය අඛණ්ඩව පවතින ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරිය ග්‍රාමීය වෙළඳසල්ද පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව එම අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මගින් අද සවස එළවළු සහ මාථ අලෙවි ජංගම වෙළඳ රථ සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි වෙළඳසල් පරීක්ෂාවට ලක් කළ අතර මිල ප්‍රදර්ශනය නොකිරීම සහ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් ද්‍රව්‍ය අලෙවි කිරීම මත වෙළඳුන් කිහිප දෙනෙකුට නීතිමය පියවර ගනු ලැබීය.
ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල සහ එච්.කේ.රවිදු යන මහත්වරුන් දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ කිහිපයක වෙළඳසල් පරීක්ෂාවට ලක් කළ අතර අත් අඩංගුවට පත් වෙළඳුන් අදාල අධිකරණ හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගත්හ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.