IMG-LOGO

ප්‍රාදේශීය සභාවල බලතල පොලිසියට පවරා දෙන්නැයි හාරිස්පත්තුව සභාපති ඉල්ලයි

(මොහොමඩ් ආසික්)

1987  අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත මගින් ප්‍රාදේශිය සභාවලට පවරා ඇති ඇතැම් බලතල නැවත පවරා ගෙන ඒවා පොලිසිය වෙත පවරා  දී ප්‍රාදේශිය සභාවට ගැළපෙන බලතල සභාවන්වලට පවරා දෙන ලෙසත්  හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා වග කිව  යුතු අංශවලින් ඉල්ලා සිටියි.

අද 16 වනදා  හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ එහි  සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙසේද කීය.

1987  අංක 15 දරණ ප්‍රදේශිය සභා පනත අනුව අපට ලැබී ඇති  බලතල ජනතාවත් සමඟ ගැටළු ඇති කර ගන්නා  බලතලයි. වැටවල්වල ප්‍රශ්න, අනවසර ඉදිකරීම්, අනතුරුදායක ගස්  මාර්ග ගැටළු  මේ සියල්ලම නිසා අපට ජනතාවත් එක්ක ගැටළු ඇති වෙනවා. හුඟක් අවස්ථාවන්වල මේ ගැටළු විසඳන්න පොලිසියේ සහාය ලබා ගන්න සිදු වෙනවා එම නිසා 1987 අංක 15 දරණ පනත සංශෝධනය කර එම බලතල පොලිසියට පවරා දී ප්‍රාදේශිය සභාවට ගැලපෙන බලතල සභාවන්වලට ලබා දෙන ලෙස වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටින බවද සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙහිදී කිය.



අදහස් (1)

ප්‍රාදේශීය සභාවල බලතල පොලිසියට පවරා දෙන්නැයි හාරිස්පත්තුව සභාපති ඉල්ලයි

ගමරාල Wednesday, 17 June 2020 12:50 AM

මෙම පනත සකස්කල කාලය වනවිට දැනට ප්‍රදේශීය ලේකම් ලෙස සිටින නිළධාරියා සිටියේ උප දිසාපති නැතහොත් සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුරු නාමයෙනි. එම තනතුර නාමය වෙනස්කර උපදිසාපති කාර්යාලයට අමතරව ඔහු සභාවේ ලේකම් කිරීමට අදහස්කර ඒ අනුවයි මේ බලතල ප්‍රාදේශීය සභාවලට පැවරුවේ. නමුත් එකල සිටි පරිපාලන සේවයේ පිරිස් මෙම සභාවලට පත්වන ඇතැම් නියෝජිතයින් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අයයැයි කියා ඒවායේ කටයුතුවලට විරුද්ධවුනා. නමුත් උපදිසාපති නාමය නැවත ඇතිකලේ නැහැ කොහොම නමුත් ඊයේ පෙරේදා අසන්නට ලැබුණු සිද්ධියක් නිසා දැනගන්නට ලැබුනේ පාරවල් හා වැටවල් ප්‍රශ්ණයේදී පොලිසියත් ප්‍රශ්ණය සමත මණ්ඩලයට යවන බවයි. මෙම ගැටළු විසදීමට නීති සකස්වීම අත්‍යාවශ්‍යම වෙලා කියන්න පුළුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site