IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුලු 5කට කොරෝනා


 
(ඩී.ජී.සුගතපාල)

ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙකුට, පොලිස් නිලධාරියෙකුට, ප්‍රධාන හෙද නිලධාරිණියකට සහ කුඩා දරුවෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ දකුණු පළාත් සම්බන්ධීකරණ මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

ඊයේ (15) සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලදි ඔවුන් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.

දේශපාලඥයින් වන්නේ රත්ගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුනේ සභිකයෙකු සහ හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයායි.

පොලිස් නිලධාරිවරයා පොලිසියේ සේවය කරන අක්මීමණ කපුහෙම්පල පදිංචි උප පොලිස් පරික්ෂකවරයෙක් වන අතර හෙද නිලධාරිණිය හිනිදුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන හෙද නිලධාරිණිය වේ.

 කුඩා දරුවා වලහන්දුව පින්නදුව පදිංචි අවුරුදු 01යි මාස 03ක් වන  දරුවෙකි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභිකයා හම්බන්තොට රෝහලටද, හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා කරන්දෙණිය රෝහලටද, උප පොලිස් පරික්ෂකවරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලටද, හෙද නිලධාරිණිය ආරච්චිකන්ද රෝහලටද, කුඩා දරුවා කරන්දෙණිය රෝහලටද ප්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත.

මෙම අයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට නියමිත බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුලු 5කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site