IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පර්ත් නුවරත් සදහම් සිසිලෙන් නැහැවෙයි

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කෙන්වික් බෞද්ධ විහාරස්ථාන භූමියේ  දර්ශනීය වෙසක් පහන් කූඩුව අජා බ‍්‍රහ්ම වංසෝ හිමි, ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තී‍්‍ර මන්තී‍්‍ර දොන් රැන්ඩෝල් ඇතුළු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවෘත විය. මෙම දර්ශනීය පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ කලාශූරී චන්ද්‍රදාස හේවගේ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසිනි. සිදුහත් කුමරු සත් පියුම් මතින් වඬින නිර්මාණය පර්ත් සිංහල පාසල විසින් ඉදිරිපත් කැරිණි.

දෙදිනක් පුරා පන්සල් භූමියේ  බත් දන්සලක් ද , අයිස්කී‍්‍රම් දන්සලක් ද පැවැත්විණි.   200කට ආසන්න  පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටියහ. සතියක් පුරා ධර්ම දේශනා මාලාවක් ද පැවැත්විණි.
පර්ත් ශ‍්‍ර‍්‍රී ලංකා බෞද්ධ  විහාරාධිපති ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක බේරුවල ශී‍්‍ර සෝභිත හිමිහන්ගේ අනුශාසනා පරිදි මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන , ඇඹුල්අඹේ ඉන්ද්‍රසාර හිමිවරු මේ පිංකමට සහය වූහ.
 

 



අදහස් (0)

පර්ත් නුවරත් සදහම් සිසිලෙන් නැහැවෙයි

ප්‍රියන්ත Monday, 26 May 2014 03:46 PM

බුදු දහම ලොව පුර පැතිරේවා (නදී)

:       0       0

ජානක Monday, 26 May 2014 04:09 PM

මේ අවිහිංසා දර්ශනය ඔස්ට්‍රේලියාව තුල පැතිරේවා ! (නදී)

:       0       0

දුශාන් Friday, 05 December 2014 04:08 PM

රට පුරා පිංකම් (දී)

:       0       0

සුරංග Monday, 26 May 2014 06:47 PM

සන්තෝසයි අපේ පන්සල (නදී)

:       0       0

බන්දු Tuesday, 27 May 2014 12:10 PM

බේරුවල සෝභිත හාමුදුරුවොත් චන්ද්‍රදාස හේවගේ මහතාත් ඉන්නකම් වෙසක් තොරණත් පින්කමත් හොඳින් සිද්ධ වේවි. මටත් ගිය අවුරුදු දෙකේ පන්සලේ තොරණ හැදීමට උපකාර වන්නත් සිල් ගන්නත් පුළුවන් වුණා. තවද අජාහ් බ්‍රහ්ම වන්සෝ හාමුදුරුවන්ගේ බන ඉතා හොඳයි. එය කාලයට හා අවස්ථාවට ඔබින ලෙස කරන ධර්ම දේශනාවකි. (ස)

:       0       0

කලන Tuesday, 27 May 2014 12:25 PM

ඕස්ට්‍රේලියාව තමයි දැන් ලංකාවේ මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන්නේ, යමු, යමු, නැවක් හොයා ගමු. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 26 May 2014 07:50 PM

සාදු සාදු සාදු (නදී)

:       0       0

විද්‍යා Monday, 26 May 2014 09:02 PM

පහන දල්වන්නේ අජාන් බ්‍රහ්මවම්සෝ හාමුදුරුවෝ . උන්වහන්සේ තරම් දේශකයෙක් ලෝකේ කොහෙවත් නෑ. ඉංගිරිසි තේරෙනවන නම් එම දේශනා යු ටයුබ් එකේ බලන්න. (අ)

:       0       0

අජන්ත Tuesday, 27 May 2014 02:35 PM

බුදු දහමේ සත්‍යයේ බලයෙන් බුදු සසුන බැබලේවා ! (ස)

:       0       0

සිරි ධම්ම හිමි Tuesday, 27 May 2014 02:36 PM

ගිය වර වගේම සිත් සුවපත් කරන නිර්මාණයක් කළ නාහිමි,චන්ද්‍රදාස, අනුර, සමිතියේ උපාලි, ඇතුළු සැමට තෙරුවන් බලයෙන් මෙවන් දේ කිරීමට හැකිවේවා. (ස)

:       0       0

දිල්හානි Tuesday, 27 May 2014 03:39 PM

වෙසක් සිරිය සෑම වසරකම පර්ත් නුවර අපට දන්වන සෑම දෙනාටම ඉතා පින්! ඒ සියලු දෙනාටම ඉදිරියටත් එවැනි දෑ කිරීමට ශක්තිය හා ‍ධෛර්යය පතමු . (ස)

:       0       0

කැනඩා දිසා Tuesday, 27 May 2014 04:26 AM

සාදූ ..සාදූ ..සාදූ ..සියලු මනුෂ්‍ය වර්ගයාට කිසිම බේදයකින් තොරව පුදන වගයි .....මේ බුද්ධ දර්ශනය ....සාදූ සාදූ සාදූ . මෙයට දායක උන සැමටම මේ බව සසරේ සැරි සරනතාක් කල් මේ පින ලැබේවා.....(නදී)

:       0       0

චාත් Tuesday, 27 May 2014 06:09 AM

මේ තියෙන්නේ ලින්ක් එක වෙසක් පහන බලන්න: http://www.youtube.com/watch?v=pqmQUjM5PjQ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site