( තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගර මධ්‍යයේදී පදික මාරුවෙන් පාර හරහා ගමන් ගනිමින් සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් අද (15) උදෑසන වෑන් රියක ගැටීමෙන් 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව යක්කල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල, යටගල්ඔලුව පදිංචිව සිටි රාණි ස්වර්ණා ගුණවතී නමැති තැනැත්තියකි.
පොල්ගහවෙල බලා යාම පිනිස බස් නැවතුම වෙත ගමන් කරමින් සිටියදී නිට්ටඹුව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රියෙහි දෙදෙනා ගැටී ඇති අතර පිරිමි පුද්ගලයා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇත.
වෑන් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් සුසන්ත මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශාධිපති පොලිස් පරික්ෂක සරත් ගුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ අරඹා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd