(ජේ.කේ.එල් චාමින්ද)
හිනිදුම විරපාන ප්‍රදේශයේ පියකු විසින් තම පුතුට කැත්තකින් පහරදිම සම්බන්දයෙන් පියා කැත්ත සමග අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
අංක 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව හිනිදුම පොලිසියේ නිලධාරින් මෙම නිවසට ගොස් සැකකාර පියා පහරදිමට යොදාගත් කැත්ත සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පියා 58 හැවිරිදිවියේ පසුවන අයෙකි. පවුල් ආරවුලක් හේතුවෙන් පියා පුතුගේ හිසට පහරදි ඇති අතර පුතුගේ හිසේ සුළු තැලිම් තුවාලයක් තිබෙන බව පොලිසිය පවසයි. පුතු 29 හැවිරිදි වියේ පසුවන අයෙකි.
පහරකැමට ලක්වු පුතු අද (05) දින අන්තර් ජාලය ඔස්සේ විභාගයකට පෙනිසිටිමට සුදානමින් සිටින බවද පොලිසිය පවසයි.
පොලිසිය විසින් පුතුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇත. සැකකාර පියා අද දින (05) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.