(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ යකානගස්වැව ප්‍රදේශයේදී අද (02) පැයක් ඇතුලත කිලෝමීටරයක් තුළ සිදු වූ අනතුරු තුනකින් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.
හබරණ පොලිසියේ නිලධාරීන් රාජකාරියේ යෙදී සිටි අවස්ථාවක පැයක ඇතුලත කාලයක් තුළ කිලෝමීටරයක් ඇතුළත මෙම අනතුරු 3 සිදුවීම විශේෂත්වයකි.
යාපනයේ සිට මොණරාගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් හබරන සිට පලුගස්වැව දෙසට ධාවනය වෙමින් තිබූ සෆාරි ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජීප් රථය පැදවූ රියැදුරු මිය ගොස් එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජීප් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබෙන බවත් අනතුරින් ජීප් රථය ඇලකට පෙරලී තිබුණු බව පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ හබරණ කාශ්‍යපගම පදිංචි මහේෂ් ප්‍රදීප් කුමාර (26) අවිවාහක තරුණයෙකි .
එම මාර්ගයෙම යතුරුපැදිකරුවෙකු වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල නවතා තිබූ බඩඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතළ තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබිණි. ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පැයක් ඇතුලත කිලෝමීටරයක් තුළ අනතුරු 3ක්