
(ලලිත් නවරත්න)
පල්ලමල, කලුකැළේ ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකර තම පියා ඝාතනය කළ 17 හැවිරිදි පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරනලෙස ආණමඩුව මහේස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ මහත්මිය පොලීසියට අද(21) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ පිහිපහරකින් බරපතල තුවාල ලැබූ මරණකරුගේ මෘතශරීරය සම්බන්ධයෙන් හලාවත රෝහලේදී පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුවය.
මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ පල්ලම කලුකැළේ පදිංචි මරණකරුගේ එකම පුත්‍රයා වන නිලෙන්ති රොහාන් ධනංජය නැමති 17 හැවිරිදි පුද්ගලයෙකුය.
මෙම සිද්ධියෙන් ඝාතනයට පත්ව ඇත්තේ පල්ලම කලුකැළේ පදිංචි නිලෙන්ති ප්‍රදීප් සමන්ත සිල්වා නැමති 39 හැවිරිදි එක්දරු පියෙකි.
එකම නිවසේ පදිංචිවසිටි පියපුතු අතර ඇතිවූ බහින්බස් වීමකදී තමපුත්‍රයා විසින් මෙම පිහිඇනුම සිදුකර ඇතිබව පොලීසිය පවසයි.
මරණකරුගේ බිරිඳ ඔවුන්ව හැරගොස් ඇති අතර මෙම පියපුතු දෙපළ තනිව ජීවත්ව ඇත.පියා ප්‍රදේශයෙන් බැහැරව රැකියාව සිදුකර සති දෙකකට වරක් නිවසට පැමිණෙන බවත් නිතර බීමතින් තමපුත්‍රයා සමග ආරවුල් ඇතිකරගෙන පහර දීම්ද සිදුකරඇති බවත් පොලිස් පරීක්ෂණ වලදි හෙළිව
ඇත.
මෘතශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුමේෂ් අලගියවයන්න මහතා විසින් සිදුකරනු ලැබීය.
වෛද්‍ය පරීක්ෂණයට අනුව මෙම මරණය තියුණු ආයුධයක් උරස ප්‍රදේශයේ ඇනීම හේතුවෙන් හෘදයට ඇතිවු තුවාල හේතුවෙන් ඇතිවු මරණයක් බවට මහේස්ත්‍රාත් වරිය තීරණය කරනු ලැබුවාය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග