IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පඹුරණ දුම්රිය මාර්ගය හරස්කර විරෝධතාවයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 

මාතර පඹුරණ අබේගුණරත්න මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහූ පිරිසක් අද (19) මාතර - කොළඹ මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ.

විශේෂයෙන්ම මේ නිසා මහනුවර සිට මාතර බලා යාමට පැමිණි අංක 40 දරණ සීඝ්‍රගාමී දුම්රිය එම ස්ථානය ආසන්නයේ දී නතර කිරීමට සිදු විය.

පැයක පමණ කාලයක් ගත වන තෙක් දුම්රිය ධාවනය කිරීමට නොහැකිවීම නිසා එම දුම්රිය ආපසු කඹුරුගමුව දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට දුම්රිය බලධාරීන් ක්‍රියා කළේය.

මීට සතියකට පමණ ඉහතදී ද මෙම ස්ථානයේ දී මෝටර් රථයක් රුහුණු කුමාරි දුම්රියේ හැපීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ දියණිය හා මස්සිනා බරපතල තුවාල ලැබීය.

අදාළ දුම්රිය හරස් මාර්ගය දෙපස අනතුරු ඇඟවීමේ ලා හා ආලෝක සංඥා පද්ධතියක් ද සවිකර තිබෙන අතර ඇතැම් විට දුම්රිය නොපැමිණෙන අවස්ථා වලදී පවා එය ක්‍රියාත්මක වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම නිසා වහා දුම්රිය ආරක්ෂිත ගේට්ටු සවි කර තම ජීවිත සුරක්ෂිත කර දෙන ලෙසට ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

පැය දෙකක පමණ කාලයකින් පසු විරෝධතාකරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවත් වී විසිර ගියහ.



අදහස් (0)

පඹුරණ දුම්රිය මාර්ගය හරස්කර විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32174 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14643 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 58 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 324 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site