ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට මහනුවර කොළඹිස්ස සිටින තම පෙම්වතියගේ නිවසට පැමිණි නාවික හමුදා සෙබළෙකු, ඇගේ පෙම්වතිය හා පවුලේ සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇත.
මෙම නාවික හමුදා සෙබළා මහනුවර පන්විල පදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට එම කදවුරේ සේවය කල මහනුවර ප්‍රදේශයේ පදිංචි තවත් සෙබලුන් කිහිප දෙනෙකු සමග මහනුවරට පැමිණ ඇත.
මොහු තම පෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර අනෙක් මිතුරු සෙබලුන්ද තමන්ගේ නිවෙස් වලට ගොස් ඇත.
ඒ අනුව මොහු ඇතුළු පවුලේ සැම ස්වයං නිරෝධනයට ලක්වන ලෙස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් උපදෙස් දී ඇත.
මෙම සෙබළාගේ පී.සී.ආර්. පරීක්ෂණය හෙට (28) දින සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd