IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුද්ගලයන් දෙදෙනෙකුට පහරදුන් 3 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දකුණු කටුකුරුන්ද හංදියේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි යුද හමුදා සෙබලෙකුට සහ තවත් පුද්ගලයකුට අමානුෂික  ලෙස පහර දී ත්‍රී රෝද රථයද පෙරලා දැමූ තිදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත්බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

පහරකෑමට ලක්වූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා ගමන් ගත් ත්‍රී රෝද රථය සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය ඉස්සර කළේ යැයි උරණව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

මෙම අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා එක්ව මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

 



අදහස් (0)

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදුන් 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31844 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14308 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11170 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site