(නිමන්ති රණසිංහ)

එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් අතැර දමනු ලැබ ඇතැයි සැක කෙරෙන පුද්ගල නාශක ජීව බෝම්බ දෙකක් (ජොනී බට්ටෝ) තිරුක්කෝවිල් ප්‍රදේශයේදී සොයාගෙන  ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බක්මිටියාව තිඹිරිගොල්ලෑව රක්ෂිතයේ කම්බුකොට්ට පිල්ලෙයාර් දේවාලය අසලදී මෙම ජීව අත් බෝම්බ දෙක සොයා  ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙහි වැඩිදුර පරීක්ෂණ සඳහා තිරුක්කෝවිල් පොලිසියට භාරදුන් බව වාර්තා වේ .