(අනීෂා මානගේ)
ඇබර්ඩින් විශ්වවිද්‍යාලයට අනුබද්ධව මෙරට ප්‍රධාන පෙළේ රෝහල් සමූහයකින් ඉදිකිරීමට යන බව කියන විශ්වවිද්‍යාලයකට විරෝධය දක්වමින් අද(15) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කර තිබිණි.
මෙම විරෝධතාව සඳහා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහභාගී වී සිටියහ.
ඇබර්ඩින් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව මෙරට ප්‍රධාන පෙළේ රෝහල් සමූහයකින් වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා මෙරට ඉදිකිරීමට යන බව කියන විශ්ව විද්‍යාලයකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සිදුකෙරිණි.
විරෝධතාවට එක්වූ වෛද්‍ය සිසුන් විරෝධතා පුවරු අතැතිව මීටරයක පරතරය ඇතිව විරෝධතාවයේ නිතරවූහ.
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණ කිරීම නවත්වන ලෙස විරෝධතාකරුවෝ රජයට බලකළහ. අරගලයකින් ජයග්‍රහණය කරන තුරු මෙම සටන අත්නොහරින බවද විරෝධතාකරුවෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනාශ කරන්නේ රටේ දරු පරපුරේ අනාගතයයි. මේ ගිලිහී යන්නෙ දරුවන්ට ඇති දැනුම ලබාගැනිමේ අවස්තාවයි. ලෝකය නොදැක අපේ රටේ යල්පැනගිය ක්‍රමයෙන්ම ගිරව් මෙන් පාඩම් කර උපාදි ලබා ගෙන රස්සා දියව් කියමින් පාරවල් ගානේ බෝඩ් උස්සාගෙන ඉදිමු. ඒ අපේ උරුමයයි. ඇති එකා ළමයි පිටරට යවා ඔය කියන විශ්වවිද්‍යාල වලම උගන්වා සැපෙන් සතුටින් යහතින් ඉදීවි.