IMG-LOGO

පුත්තලමෙන් අ’පුරට එළවළු ගෙන ගිය වෙළෙඳුන් තිදෙනකුට උසාවි එන්නැයි නියෝග

(උපාලි ආනන්ද)

කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් ඇදිරිනීතිය පනවා අවදානම් කලාපයක් ලෙස කම් කර තිබූ පුත්තලමේ  සිට  වෛද්‍ය සහතියක් නොමැතිව අනුරාධපුරයට පැමිණ එලවලූ අලෙවි කළ බවට අධිකරණය හමුවේ චෝදනා  ලබා සිටින එලවලූ වෙළෙදුන් තිදෙනකුට මේ මස 26 වන දින අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවී පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත්  හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (15) නියෝග කලේය.  

මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කලේ පුත්තලම කල්පිටියේ පදිංචිකරුවන් වන වහබ් රිස්වි/මොහොමදු මුස්තාපා සහ රිෆ්කාර්   මොහොමඞ් මහීස් යන සැකකරුවන්ටය.

පුත්තලමේ සිට අනුරාධපුරයට පැමිණ මෙම සැකකාර වෙළෙදුන් තිදෙනා ලොරි රථයකින් එලවලූ අලෙවි කරමින් සිටියදී පසුගිය මැයි මස 4 දා අනුරාධපුර මහ නගර සභාෙවි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂා කරන අවස්ථාෙවි ඔවුන් සතුව තිබී ඇත්තේ ඇදිරි නීති බලපත‍්‍රයක් පමණී.

එහෙත් අවදානම් කලාපයේ සිට වෙනත්  ප‍්‍රදේශයකට ගමන් කිරීමේදී අනිවාර්යෙන් තිබිය යුතු වෛද්‍ය සහතියක් මොවුන් සතුව තිබී නැති අතර පසුව ඔවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

අනුරාධපුර මහ නගර සභාවේ නාගරික වෛද්‍ය නිලධාරි මාධව පෙරේරා මහතාගේ උපදෙස් මත එම මහ නගර සභාෙවි සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන නුවන් ඞී කලතුංග/ එන් පී කුරුනේරු සහ එච් ඒ අජිත් කුමාර යන මහත්වරුන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
 



අදහස් (0)

පුත්තලමෙන් අ’පුරට එළවළු ගෙන ගිය වෙළෙඳුන් තිදෙනකුට උසාවි එන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site