(එච්. චන්දන)
පුත්තලම - ක්වේට් රෝහලට සහ තම්බපණ්නි වතු යායට ගමන්ගන්නා මාර්ගය ආසන්නයේ බෝක්කුවක් යට තිබී පිළිස්සුණු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද(11)සොයාගත් බව පොලිසිය කියයි.
පොලීසිය ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
වෙනත් ස්ථානයක එම පුද්ගලයා ඝාතනය කර මළ සිරුර වාහනයකින් මෙම ස්ථානයට ගෙනැවිත් දමා කිසියම් ඉන්ධන වර්ගයක් භාවිතා කරමින් ගිනි තබා ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd