(එස්. ඩි. කොඩිකාර )
පිටබැද්දර ප්‍රාදේශීය සභාව මගින් මොරවක ,පිටබැද්දර ,දංගල සති පොළ තුනම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (24) පැවසීය.
මොරවක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොව්ඩ් ආසාදිතයන් රැසක් සහ පොළ ආශ්‍රිත වෙළඳුන් රැසක් වාර්තා වීමත් සමග මහජනතාවගේ ආරක්ෂාව පිණිස මෙම පියවර ඉකුත් (22) වන දින පිටබැද්දර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති මාසික සභා වාරයේදී මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ගනු ලැබූ බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය .
ඒ අනුව මීට පෙර මොරවක සති පොළ සදුදා ද පිටබැද්දර සති පොළ ඉරිදා ද දංගල සති පොළ සිකුරාදා ද පැවැත්විණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd