IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුජාපිටියේ පවුල් 100කට වියළි ආහාර

(අමිල දොළපිහිල්ල)

මහනුවර දිස්ත්‍රික්කයට අඛණ්ඩව පනවනු ලැබ ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගත නොහැකිව පීඩාවට පත්ව සිටි පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පලීපාන ග්‍රාමයේ පවුල් 100 ක් වෙත වියළි  ආහාර සහිත සහන මලු බෙදාදීමක් අද (30)පස්වරුවේ පූජාපිටිය -පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරයේදී සිදුකෙරිණි.

කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ගාමිණී මොරගොඩ මහතාගේ සහ උදේනි අධිකාරී මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම සද්කාර්යය සිදුකරනු ලැබණි.

මේ යටතේ සහල් ,පරිප්පු ,සීනි ,සැමන් සහ බී ලූනු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබිණි.

සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබ  ඇති නියමයන්ට යටත්ව මෙම වැඩසටහන සිදුකෙරුණි.

විහාරාධිපති උඩකුඹුරේ විමලරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවූ මෙම කටයුත්තට  පූජාපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක හේමන්ත බණ්ඩාර සහ පූජාපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .එස් .තරංග යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (0)

පුජාපිටියේ පවුල් 100කට වියළි ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31755 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14212 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site