
(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද (17) එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ඡන්ද 16 කින් සම්මත විය.
මෙම අයවැය විවාදයට එක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, වත්මන් රජයේ පළමු වන අයවැය ඉදිරිපත් කරන අද දිනයේ දී පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ තුන්වන අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළේ, මෙවර අයවැය මගින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොවන බැවින් අයවැය ඡන්ද විමසීමේදී ස්වාධින වන බවයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමත් සමඟ අයවැය කෙටුම්පත සම්බන්ධයෙන්ව මතය විමසූ අතර, එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 5දෙනෙක් ස්වාධිනව සිටියහ.
මෙම මතය විමසන අවස්ථාවේදී උප සභාපති ඒ.එල්.එම්.රසාන්( ශ්‍රිලමුකො) පොදු ජන පෙරමුණ මන්ත්‍රී අජිත් සමරතුංග, ජවිපෙ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මන්ත්‍රීවරුන් සහ එක්සත්ජාතික පක්ෂයේ එස් .එම්.කලීල් සහ සුනිල් කොටුගොඩැල්ල යන මන්ත්‍රීවරු ද සභාව තුල නොසිටියහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැයත් සම්මතයි