(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට ඉකුත් 16 වෙනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට ඊයේ (17) රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීයා පිළියන්දල දැල්තර ඔහුගේ මවගේ නිවසට පැමිණ පිළියන්දල සහ දැල්තර ප්‍රදේශ වල නිවාස සහ වෙලෙඳ සැල් වලට යාම හේතුවෙන් එම නිවාස වල පදිංචි කරුවන් සහ වෙළෙඳ සැල් වල සේවක සේවිකාවන් එදින පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd