(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ කල්‍යාණි පාර අසල පිහිටි සණස නිවාස සංකීර්ණයෙන් බැහැර කෙරෙන මළ අපද්‍රව්‍ය ඇතුළු අප ජලය මහා මාර්ගයට මුදා හැර තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද (14) පෙරවරුවේ වහා පියවර ගැනීමට කටයුතු කරන ලදී.
ප්‍රධාන මාර්ගයේ ගමන් ගැනීමට නොහැකි අන්දමින් දැඩි දුර්ගන්ධයක් පැවතීම මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට ජනතාව කළ පැමිණිලි අනුව මෙලෙස පියවර ගනු ලැබීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා එම නිවාස සංකීර්ණය වෙත පැමිණෙන විටත් අපද්‍රව්‍ය උතුරායමින් පැවති අතර වහාම පැයක් තුළ අප ද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට කළ දැනුම්දීම මත නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් වහාම ගලි බවුසරයක් ගෙන්වා ගනිමින් මාර්ගයට ගලා යමින් පැවති අප ජලය ඉවත් කිරීමට පියවර ගත් ආකාරයක් දක්නට ලැබිණි.


2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවාස සංකීර්ණයකින් බැහැරවන අපජලය ඉවත් කිරීමට පියවර