( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ නිවසක ඇති වු ගින්නක් හේතුවෙන් එම නිවසේ සිටි 86 හැවිරිදි පුද්ගලයකු ඊයේ (12) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලංගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ .ඩී ඩබ්ලිව් පිිරිස් නැමැති 86 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
ඔහු විසින් භුමිතෙල් දමා ලිප මෙලවිමට යැමෙිදි ගින්න ව්‍යප්ත වි නිවසින් අඩක් ගින්නෙන් විනාශ වි තිබෙි.
ඔහු නිවස ඇතුළට කොටු වි තිබෙන අතර බිරිඳ සහ ඥාතීන් එක්ව ඔහු බේරාගෙන පිලිස්සුමි තුවාල සහිතව බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් තිබෙන බව පොලිසිය පැවැසිය.
පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (13) දා බලංගොඩ මුලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සමිබන්දයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd