(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය දෙකිද කොස්කොල යාය වන වගාරක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 25 ක් පමණ විනාශ වී ඇති බව නාවලපිටිය වන අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
දැඩි වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් වගා රක්ෂිතය පුරා පැතිර ගිය බව කොස්කොල යාය ගම්වාසීහු කියා සිටියහ.
මීට වසර 8 කට ප්‍රථම එම රක්ෂිතයේ කොස්, හොර, අඹ , තේක්ක, බුරුත, මහෝගනි වැනි දැව සහ පලතුරු වගා කර තිබූ බව ප්‍රදේශවාසීහු කීහ.
පැතිර ගිය ගින්න වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, දෙකිද කොස්කොල යාය ගම්වාසීන් එක්ව තරමක් දුරට පාලනය කර ඇත.
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි කාර්යාලයේ නිලධාරීහු සඳහන් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd