(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය දෙකිද කොස්කොල යාය වන වගාරක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 25 ක් පමණ විනාශ වී ඇති බව නාවලපිටිය වන අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
දැඩි වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් වගා රක්ෂිතය පුරා පැතිර ගිය බව කොස්කොල යාය ගම්වාසීහු කියා සිටියහ.
මීට වසර 8 කට ප්‍රථම එම රක්ෂිතයේ කොස්, හොර, අඹ , තේක්ක, බුරුත, මහෝගනි වැනි දැව සහ පලතුරු වගා කර තිබූ බව ප්‍රදේශවාසීහු කීහ.
පැතිර ගිය ගින්න වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, දෙකිද කොස්කොල යාය ගම්වාසීන් එක්ව තරමක් දුරට පාලනය කර ඇත.
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි කාර්යාලයේ නිලධාරීහු සඳහන් කළහ.





2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාවලපිටියේ වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි