
(එස්. ඩී. කොඩිකාර)
අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා යුද හමුදාව සූදානම් කර ඇති බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව යුද හමුදාව මගින් 500 දෙනෙකු සඳහා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කර ඇත. එහි අධ්‍යාපනය ලැබූ දෙවන වසරේ සිසුන් 60කට වැඩි ප්‍රමාණයක් යුද හමුදා බස්රථ මඟින් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැරීමට කටයුතු කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිත ඇත.
ඉන්පසු අදාළ නිරෝධාන මධ්‍යස්ථානයේ පී.සී. ආර්. පරීක්ෂණ සහ විශබීජහරණ කටයුතු ඇතුළු සෞඛ්‍ය කටයුතු අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකෙරෙන බව එම කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාව අතරින් ආසාධිත අය හමුවෙන්නෙත් නැත්නම් ඇයි මේ?
අර ආයතනයේ කර්මාන්තශාලා කිහිපයක් තියනවනේ.?