IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායනයේ සිටි කෑගල්ලේ කතක් කුරුණෑගල ගිහින්

(නයෝමි දිල්රුක්ෂි)
 
කෑගල්ල නගරයේ පදිංචි කාන්තාවක් නිරෝධායනයට යොමුකර තිබියදී, නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල ප්‍රදේශයේ රෝහලකට රෝහලට බැලීමට ගොස් ඇති බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඵම්. අමරතිලක මහතා අද(28) පැවසීය.
 
මෙම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ රෝහලක පවිත්‍රතා අංශයේ සේවය කර තිබේ.
 
ඵම අංශයේ සේවිකාවකට කොවිඩි 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග මෙම කාන්තාව නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් කටයුතු යොදා ඇත.මෙසේ නිරෝධායනයට යොමුකර තිබියදී ඇය ඊයේ(27) සිය රෝගී මව බැලීමට කුරුණෑගල නගරයේ රෝහලක් වෙත කුලී ත්‍රිරෝද රථයකින් ගොස්ඇත.
 
 කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේ ඵම කාන්තාව නිවසින් බැහැරව ගොස් තිබී ඇතැයි ආරංචි වී තිබේ.මේ පිළිබදව මෙම කාන්තාවගෙන් දුරකතනයෙන් විමසු පසු පවසා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ රෝහලකට තම මව ඇතුලත් කර ඇති බවත් තම මව බැලීමට තමා පැමිණ ඇති බවත්ය.
 
මෙම සිදුවීම පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සිදුකරන බව මහජන සෞඛ්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

නිරෝධායනයේ සිටි කෑගල්ලේ කතක් කුරුණෑගල ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site