(සුමතිපාල දීයගහගේ )
ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්ෂණ අංශයේ රාජකාරීවල නිරත තවත් පුද්ගලයින් 10 දෙනෙක් එමමධ්‍යස්ථානයෙන් අද(21) පිටව ගිය බව නාවික හමුදාව පවසයි.
මොවුන් සියලුදෙනා රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායන කටයුතු සිදුකොට පිටව ගිය බවත් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන සහතිකද ඔවුන්සියලුදෙනාට ලබා දුන් බවත් නාවික හමුදාව පැවසිය.
අද වන විට නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 168 දෙනෙක් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 84 දෙනෙක් තව දුරටත් එම කටයුතුවල නිරතව සිටින බවත් නාවික හමුදාව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd