IMG-LOGO

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් හදිසියේ මිය යයි



(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය  වෙමින් සිටි පුද්ගලයෙකු, හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික  රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගොඩ පදිංචි ,හපන් පේලිගේ ශ්‍යාමල් සුරේන්ද්‍ර රාජපක්ෂ නමැති,(47) පුද්ගලයකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයාට කලක සිට වැළඳී තිබූ හෘද රෝගයකට  ප්‍රතිකාර ගැනීම සඳහා ,ඉකුත් 14 දා රාත්‍රි ලෙබනන් රාජ්‍යයේ සිට  මෙරටට පැමිණ ඇතැයි  පැවසේ, පසුව  මෙම පුද්ගලයා දියගම තාක්ෂණ විශ්වවිද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර එහි රැඳී සිටියදී  ඊයේ (15) දා ,රාත්‍රී 11.30  පමණ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා, හෝමාගම මූලික  රෝහලට රැගෙන යන අතරතුරදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව හෝමාගම මූලික රෝහලට දේහය රැගෙන ආ විගස ,මුද්‍රා තබා මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමෙන් පසුව,,හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බී.එච්.කේ.චින්තක උදයකුමාර මහතා දේහය පරීක්ෂා කිරීමෙන් පසුව ,විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී  වරයෙකු ලවා ,පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට, මෘත දේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට රැගෙන යන ලෙස ,මීගහ වත්ත පොලිසියට නියෝග කළේය.

ඒ අනුව දේහය  පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය දී (17) ද සිදු සිදුකිරීමට නියමිතය.

.මියගිය පුද්ගලයා දිවයිනට පැමිණි විගස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාවට අනුව කොරොනා  රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි ද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය සහ මීගහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් හදිසියේ මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site