IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිරෝධායන නීති කඩමින් කෙරූ උපන්දින සාදයක් වටලයි

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ ,සාද ,පැවැත්වීම තහනම් කර තිබියදී නිරෝධායන පනත් උල්ලංඝනය කරමින් බේරුවල නල්ල හේන ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පස් දෙනකු ඊයේ (3) අත්අඩංගුවට ගත් බව කියයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 3150ක්, ගංජා පැකට් දෙකක් ,සහ නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කර තිබෙන විදෙස් දුම්වැටි 120 වන තහනම් ද්‍රව්‍ය සමග නිවෙස් හිමි සැකකාර ධීවර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව පවසයි.

මෙම නීති විරෝධී සාදය පෙර දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර පොලිසිය වටලන තෙක්ම පවත්වා ඇති බව කියයි .

මෙම සාදය සංවිධානය කළ පුද්ගලයා බේරුවල නල්ලහේන ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකු බවත් ඔහුගේ බාල වයස්කාර දරුවකු ගේ උපන් දිනය සැමරිම වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති බවත් අසල්වාසී නිවැසියන්ට මෙමගින් දිගින් දිගට වූ හිරිහැරයක්
හේතුවෙන් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලිකවම ලද දුරකථන ඇමතුම් වලින් අනතුරුව මෙම නිවස පොලිස් කණ්ඩායමක් වැටලූ බව කියයි .

සාදය පැවති නිවස වැටලීමේදී බලපිටිය , හික්කඩුව වැනි පිටස්තර ප්‍රදේශ වල සැකකරුවන් සිව් දෙනකු ද මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේන අතර ඉන් එක් සැකකරුවෙකුට අයත් සාදයට පැමිණි බව කියන මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිස් කාන්තා නිලධාරිනියක් ඇතුළු කණ්ඩායම එම නිවස වටලන අවස්ථාවේ නිවෙසි හිමියාගේ බිරිඳ වන කාන්තාව, දරුවන් ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් නිවසේ සිට ඇති බව කියයි .

අත්අඩංගුවට ගත් පිරිස එම අවස්ථාවේ කොරෝනා නීති සියල්ල ම උල්ලංඝනය කරමින් සිටි බවත් නිවස වැටලීමට ගිය නිලධාරීන් කියයි .

අත්අඩංගුව සැකකරුවන් පස් දෙනා (4) දින කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සාදය සංවිධානය කළ පුද්ගලයා බේරුවල නල්ලහේන ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකු බවත් ඔහුගේ බාල වයස්කාර දරුවකු ගේ උපන් දිනය සැමරිම වෙනුවෙන් සාදය පවත්වා ඇති බවත් අසල්වාසී නිවැසියන්ට මෙමගින් දිගින් දිගට වූ හිරිහැරයක්
හේතුවෙන් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලිකවම ලද දුරකථන ඇමතුම් වලින් අනතුරුව මෙම නිවස පොලිස් කණ්ඩායමක් වැටලූ බව කියයි .

 



අදහස් (0)

නිරෝධායන නීති කඩමින් කෙරූ උපන්දින සාදයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site